Friday, April 22, 2011

අරුම පුදුම දින

  • ඉදිකටු දිනය.පෙබරවාරි අට,ජපානය.

මෙදින ගත වු වසර තුල නිවසේ කැඩුනු ඉදිකටු සියල්ල පුජනීය ස්ථානයක තැන්පත් කරයි.


  • යකාට ගිණි තබන දිනය.දෙසැම්බර් හත,ගෝතමාලාව.
වැඩිහිටි පිරිමින් යක් මුහුනු පැලද ළමයින් පසු පස එලවීම සහ එදින රාත්‍රියේ තම නිවස ඉදිරි පස ගිණිමැල අවුලුවා මෙම දිනය සමරයි.එයින් යකුන් පිලිස්සී යන බව විශ්වාස කරයි.


  • සොහොන් අතුගාන දිනය, අප්‍රේල් පහ,තායිවානය.
කෑම බීමරැගෙන සොහොනට ගොස් සොහොන අතුගා ආහාර ගනිමින් මෙම දිනය සමරයි.

  • ශාන්ත කොන්ස්ටන් දිනය, අප්‍රේල් විසිඑක,ග්‍රීසිය.
සියලු වැසියන් ගිණි පාගා සමරයි.

  • බෝනික්කන්ගේ දිනය,සැප්තැම්බර් විසිපහ,ජපානය.
දරු ඵල නැති අඹු සැමියන් මෙදින බෝනික්කන් දෙවියන්ට පුජා කරයි.මෙයින් දරු ඵල ලැබෙන බව විශ්වාස කරයි.

No comments:

Post a Comment