Monday, April 25, 2011

සත්තුන්ටත් දඩුවම්

වලහෙක් ජමනියේ ගම්මානයක් බිය වැද්දීම.............
මෙහිදී වලහ වෙනුවෙන් පෙනීසිටි නීතීඤයා මෙය වලසුන්ගෙන් සමන් විත ජුරි සභාවක විභාග කල යුතු බවට තර්ක කළාලු.එහෙත් එය ප්‍රායෝගික නොවන නිසා මිනිසුන්ගෙන් සමන්විත ජූරි සභාවකදී මරන දඬුවම නියම කරලා.



ප්‍රංශයේ ඌරන් සහ හරකුන් මිනිසුන්ට හිරිහැර වෙන විදිහට හැසිරුනොත්..........................
ප්‍රසිද්ධ ස්ථානයක කරත්ත රෝදයක බැදලා කස පහර දෙනවලු.කරත්ත රෝදයක බැදීම විශාල අවමානයක්ලූ.




ජමනියේ ගසක සිටි මී මැස්සන් දෂ්ඨ කර අයෙක් මිය යෑම....
අධිකරන නියෝගය අනුව දුම් ගසා මරණයට පත් කරාලු.





ස්විට්සර්ලන්තයේ කිකිළියක් අමුතු පැහැති බිත්තරයක් දැමීම.....
එය යක්ෂ දෝශ ගෙන එන්නක් යැයි චෝදනාව මත කිකිළිය පුලුස්සා මැරීමට නියම විය.


ජ'මන් වැසියෙකුගේ බල්ලෙක් මිනිසෙකු සපා කෑම..........
මාස දෙකක සිර දඩුවම් නියම කරලා.



දරුවෙකු පාගා මරා දැමූ ඩොලී නම් ඇතින්න...........
සරකස් කන්ඩායමක සිටි මෙම ඇතින්න දින තුනක් ඇතුලත මරණයට නියම විය.


කාන්තාවක් මැරීමට තැත් කල කිම්බුස් නම් සුනකයා........
විස එන්නතක් ශරීර ගත කර මරා දැමිම.දින පහක් නඩුව විභාග කර මෙම තීන්දුව දීලා තියෙන්නෙ.මෙම සුනඛකයා පදර්ශන වලට ඉදිරිපත් වෙන ප්‍රසිද්ධ සතෙක්ලු.මේ දඩුවම ලිහිල් කරන ලෙස ඉල්ලා ලිවුම් ආවද වැඩක් වී නෑ.



ප්‍රංශයේ මගීන් කිහිප දෙනෙකු මරා දැමූ එළදෙන..........
උල් ලීයක ගසා මරා දැමීම.



අතීත ලෝකයේ වැරදි කරපු සතුන්ටත් දඩුවම් කරලා.පුදුමයි නේද මේ තියෙන්නේ ඒ විදිහට දඩුවම් ලබපුසතුන් කිහිප දෙනෙක් ගැන විස්තර.

No comments:

Post a Comment