Friday, April 29, 2011

වයසට යන චුටි බබා

අම්මා කෙනෙක් නිරෝගි දරු උපතක් නතරම ප්‍රාර්ථනා කරනවා.ඒත් ඒ ප්‍රාර්ථනාව ඉටු නොවෙන අවාසනාවන්ත අම්මලත් අපි අතර ඉන්නවා.තමන්ගෙ දරුවා තමන්ටත් කලින් වයසට යනව බලාගෙන ජීවත් වෙන අම්මලත් අපි අතර ඉන්නවා.ඒ තමයි අම්මලාගෙ ශක්තිය.



අලුත උපන් දරුවන්ගෙන් මිලියන අටෙන් එකක් ඉක්මනට වයසට යන මේ අවාසනාවන්ත තත්වයට ගොදුරු වෙනවා.ඩිම්භයක් සහ ශුක්ක්‍රානුවක් එක්වී හදන යුක්තානුවේ අන්තර්ගත වර්ණදේහ 46න් එකකඇති ජානයක සිදු වෙන මෙම විකෘතිය යුක්තානුව සිය දහස් වාරයක් අනුව බෙදෙමින් කලලය සෑදීමේදී කලලයේ සෑම සෛලයකටමත් පසුව උපදින දරුවාටත් සමාකාරව උරුම වෙනවා.

මෙහි ප්‍රධාන ලක්ෂණය වනනේ ඉක්මනින් වයසට යාම සහ ආයු කාලය ඉතාම කෙටි වීමය් මෙම තත්වය ' හඩ්සන් ගිල්ෆර්ඩ් ප්‍රවේනික සින්ඩ්‍රෝමය' ලෙස හඳුන්වනවා.

මෙම රෝගීන්ට වසර දෙකක් විතර වෙන කොට රෝග ලක්ෂණ මතු වෙනවා.සම තුනි වී මහල්ලන්ගේ මෙන් රැළි වෑටෙනවා.ශක්තිමත්ව වැඩෙන්න පටන් ගත් අස්ථි දුර්වල වෙනවා.ක්‍රමයෙන් හිස කෙස් වෑටී තට්ට හිසක් උරුම වෙනවා.අවුරුදු 15ක්17ක් විතර වෙනකොට මෙම දරුවන්ගේ ජීව කාලය අවසන් වෙනවා.

ඉතිහාසය දෙස බලන කොට පරම්පරා කිහිපයකට ඇති වූ බවට වාර්ථා නෑ.මේ අනුව ජාන වල සිදු වන විකෘතිය අහබු ලෙස බලපෑමෙන් මෙම අවාසනාවන්ත තත්වය ඇති වෙන බව වෛද්‍යවරුන්ගේ අදහසය්.

No comments:

Post a Comment