Saturday, April 30, 2011

දන්නවද බලන්න

මදුරුවාට දත් 47ක් තිබේ.



කුහුබු රැජීන වසර 15ක් ජීවත් වේ.


සහරා කාන්තාරයට වැසි ලැබෙන්නේ වසරකට දින 7කි.


මිනිස් අතක අස්ථි 27ක් තිබේ.


ඉබ්බෙකුට සැතපුමක් ඇවිදීමට පැය 4ක් ගත වේ.


ලොව සාගර වල සාමාන්‍ය ගැඹුර සැතපුම් 2කි.


තටු වල නිය සහිත පක්ෂි වර්ගය හොට්සන්ය.


තම කූඩුව සෑදීමට කොළ රොඩු ආදිය මිටියක් ලෙස තම වලිගයෙන් ඔතාගෙන යන සත්වයා ස්ක්විකර්ය.


ලොව කුඩාම බිත්තරය දමන්නේ ලියෝන් ස්පින්ස්ය.


ලොව විශාලම බිත්තරය දමන්නේ මෝර තල් මසාය.


වැඩුනු තල්මසෙකුගේ හෘද්යේ බර ටොන් බාගයකට ආසන්නය.

Friday, April 29, 2011

වයසට යන චුටි බබා

අම්මා කෙනෙක් නිරෝගි දරු උපතක් නතරම ප්‍රාර්ථනා කරනවා.ඒත් ඒ ප්‍රාර්ථනාව ඉටු නොවෙන අවාසනාවන්ත අම්මලත් අපි අතර ඉන්නවා.තමන්ගෙ දරුවා තමන්ටත් කලින් වයසට යනව බලාගෙන ජීවත් වෙන අම්මලත් අපි අතර ඉන්නවා.ඒ තමයි අම්මලාගෙ ශක්තිය.



අලුත උපන් දරුවන්ගෙන් මිලියන අටෙන් එකක් ඉක්මනට වයසට යන මේ අවාසනාවන්ත තත්වයට ගොදුරු වෙනවා.ඩිම්භයක් සහ ශුක්ක්‍රානුවක් එක්වී හදන යුක්තානුවේ අන්තර්ගත වර්ණදේහ 46න් එකකඇති ජානයක සිදු වෙන මෙම විකෘතිය යුක්තානුව සිය දහස් වාරයක් අනුව බෙදෙමින් කලලය සෑදීමේදී කලලයේ සෑම සෛලයකටමත් පසුව උපදින දරුවාටත් සමාකාරව උරුම වෙනවා.

මෙහි ප්‍රධාන ලක්ෂණය වනනේ ඉක්මනින් වයසට යාම සහ ආයු කාලය ඉතාම කෙටි වීමය් මෙම තත්වය ' හඩ්සන් ගිල්ෆර්ඩ් ප්‍රවේනික සින්ඩ්‍රෝමය' ලෙස හඳුන්වනවා.

මෙම රෝගීන්ට වසර දෙකක් විතර වෙන කොට රෝග ලක්ෂණ මතු වෙනවා.සම තුනි වී මහල්ලන්ගේ මෙන් රැළි වෑටෙනවා.ශක්තිමත්ව වැඩෙන්න පටන් ගත් අස්ථි දුර්වල වෙනවා.ක්‍රමයෙන් හිස කෙස් වෑටී තට්ට හිසක් උරුම වෙනවා.අවුරුදු 15ක්17ක් විතර වෙනකොට මෙම දරුවන්ගේ ජීව කාලය අවසන් වෙනවා.

ඉතිහාසය දෙස බලන කොට පරම්පරා කිහිපයකට ඇති වූ බවට වාර්ථා නෑ.මේ අනුව ජාන වල සිදු වන විකෘතිය අහබු ලෙස බලපෑමෙන් මෙම අවාසනාවන්ත තත්වය ඇති වෙන බව වෛද්‍යවරුන්ගේ අදහසය්.

කාලා බලමුද

ලෝකෙ තියෙන අරුම පුදුම කෑම දහය තමයි මේ.ඒත් මේවා කන්නන පූලුවන්ද කියන එක නම් ලොකු ප්‍රශ්නයක්.

මේ අරුම පුදුම කෑම වලින පලෙවෙනි තැන ලැබිලා තීයෙන්නෙ චිනෙ "සුප්"එකකට.මේ සුප් එක හදන්නෙ කුරුලු විශේෂයක් හදන කූඩූ තම්බන වතුර යොදා ගෙනලු.ඒ කූඩු හදන්න ගන්න ද්‍රව්‍ය සහ ඒවා අලවන්ගන්න මැලියම් වර්ගයක් හින්දලු මේ සුප් ගොඩක් රස වෙලා තියෙන්නෙ.                                   

 මේ කෑම වල දෙවෙනි තැන ලැබිලා තියෙන්නෙ කාම්බෝජයේ හදන බැදපු දිවි මකුලුවන්ට.මේ දිවි මකුලුවන් කිසිදු කොටසක් ඉවත් නොකර සම්පූර්න තෙලේ බැදලලු කන්න ගන්නෙ.මේ ආහාරය මුල් වතාවට හොයා ගෙන තියෙන්නේ කෙමර්රූජ් පාලන කාලේ කුස ගින්නෙ හිටපු කාම්බෝජ ජනතාවලු.

.ජපානෙ හදන මාලු ව්‍යන්ජනයක් තමයි මේ තරගෙ තුන් වෙනි තැන ලැබිලා තියෙන්නෙ.මේක හදන්නේ "පෆර්"කියන උග්‍ර විස සහිත මාලු විශේෂයක් යොදා ගෙනලු.දැනට මේ මාලු කාලා පහලොස් දෙනෙක් මැරිලා.එ හින්දම මේවා හදන්න අවසර දෙන්නෙ විශේෂ බල පත්‍රයක් සහිත සුප වේදීන්ට විතරලු.

පිලිපීනයේ හදන "බලුට්"තමයි මේ තරගෙ හතර වෙනි තැන ලබාගෙන තියෙන්නෙ.බලුට් හදන්නේ සංශ්ලේෂණය නොවූ කුකුලු හෝ තාරා බිත්තර මගින්.එත කොට බිත්තර සුදුමදයත් එක්ක කුකුලු හෝ තාරා පැටියෙකුත් කන්න පුලුවන්.

ඉතාලියේ හදන " කාසු මාසු"කියන චීස් එකකට පස් වෙනි තැන ලැබිලා.මේ චීස් හදන්නේ බැටලු කිරි වලින්.
බැටලු කිරි හොඳින් මුදවා පැසී ගෙන එන කොට මැස්සො ඉන්න තැනක මැස්සො බිත්තර දාන කල් තියලා ඒ බිත්තර පිළවුන් වූනාට පස්සෙලු කන්න ගන්නෙ.

මේ තරගෙ හය වෙනි තැන ලැබිලා තියෙන්නෙ ටින් කරපු "සර්ස්ට්‍රෝමිං"වලට.බිත්තර දාන්න ලග හෙරින් මසුන් මාස දෙකක් විතර කුණු වුනාට පස්සෙතමයි ටින් වලට දාල විකුනන්නෙ.තම්බපු අලයි කර කරපු පානුයි එක්ක මේ කුණු මාලු හරිම රසයිලු.

මේ තරගෙ හත් වෙනි තැන ලැබිලා තියෙන්නෙපණ තියන බුවල්ලන්ට. අල්ලපු බුවල්ලන් පිරිසිදු කර අඩු කපලා අරන් ඒවායේ සෙසම් තෙල් තවරලා තමයි කන්න ගන්නෙ.මේසෙට අරිද්දි ඒවාට පණ තියනවනම් ඒකෙන් කියන්නෙ කෝකියාගෙ දක්ෂ කමලු.

ඉන්දුනීසියාවේ හදන කෝපි ලුවාක් තමයි මේ තරගෙ අට වෙනි තැන ලැබිල තියෙන්නෙ.ලුවාක් කියන්නේ බලලෙක් වගේ සතෙක්.ඔවුන් ආහාරයට ගන්නේ හොඳින් පැසුනු කෝපි ඇට.ඒත් ඒවා දිරවන්නේ නැහැ.මළ සමග පිට වෙන මේ කෝපි ඇට වලින් තමය් මේ ආහාරය සකස් කරන්නේ.

අයිස්ලන්තයේ මුහුදු වෙරළ ආශ්‍රිත ඉන්න පෆින් කියන කුරුල්ලගෙ හදවත කිසිදු පිසීමක් නොකර සකස් කරන ආහාරය මෙහි නම වන තැන ලැබිලා තිබුනා.

වියට්නාමයේ නයි වයින් සඳහා මෙහි දහ වෙනි තැන ලැබිලා.සහල් වලින් හදන මෙම වයින් බෝතලයට විෂ ගෝර නාගයෙකු ඇතුල් කරයි.නාගයාගේ විෂ වය්න් වලට ඇද ගනී.වයින් වල ඇතිඅතනෝල් විෂ අක්‍රීය කරයි.

ගෝත්‍රික මළ ගෙයක්.

ගෝත්‍රික මළ ගෙයක් ශිෂ්ඨ සමාජයට වඩා බෙහෙවින්ම වෙනස්.මේ තියෙන්නෙ ඒ ගැන විස්තර.


1.පීජී දූපත්
මෘත දේහය ගෙය්න් පිටතට ගැනීමේදී බිත්තියෙන් කොටසක් කඩා දමයි.

2.ලිංඩ් ගංගා නිම්නය.
මෘත දේහ යේ හිස කපා පුලුස්සයි.


3.අප්‍රිකාවේ ගෝත්‍ර වැසියන්.
මළ මිනිසාගේ මස් ආහාරයට ගනී.

4.හර්බට් ගංගා නිම්නයේ ගෝත්‍ර වැසියන්.
පොල්ලක් ගෙන නොනවත්වා මළ සිරුට පහර දීම.


ශෝක වෙන හැටි


1.පීජී දූපත්
මාස 4ක් රසවත් ආහාර වලින් වැලකෙයි.

2.දකුනු වැලසේනියාව.
කන් පෙති ඉරා ගනී.සිරුරේ යම් යම් තැන් පුලුස්සා ගනී.


3.පීජී හා මෂූලූ දූපත්
දෑතේ ඇඟිලි පුරුක් කපා ගනී.


4.දකුණු ඕස්ට්‍රියාව.
පිරිමි හිස මුඩු කර ගනී.කාන්තාවන් ගිනි පෙලෙල්ලකින් හිස කෙස් පුලුස්සා ගනී.


5.මැලනීසියාව
කාන්තාවන් මරලතෝනි දෙමින් කෑ ගැසීම.පිරිමින් කිවසීම.


ස්පර්ෂයෙන් අපිරිසිදු වූ විට.


1.ඔස්ට්‍රියාව
ගිනි පෙලෙල්ලක් සිරුරේ අතුල්ලා ගනී.

2.සය්බීරියානුවෝ
ගිණි මත ඇවදී.


Wednesday, April 27, 2011

අඳුරන්න පුලුවන්ද බලන්න


හොඳට බලන්න මේ ඉන්නේ ඇත්තතම ඇත්ත බබාලා බෝනික්කො විදිහට හැඩවුන.

Tuesday, April 26, 2011

මතකද බලන්න

අම්මා කෙනෙක්ගේ කුස තුල වැතිර හෙමින් හෙමින් මෝදු වන කලල රූපයකට මෙන තරම් දේවල් දැනෙනවද මෙන තරම් අත්දැකීම්විදිනවද කියලා දන්නව නම් පුදුම හිතෙයි.
ස්පරෂය
එය තමයි නූපන් කිරි සප්පයාට බාහිරින් දැනෙන මුල්ම සන්නිවේදනය නැතහොත් හැගීම.මුලින්ම නුපන් දරුවෙක් ස්පර්ෂයට ප්‍රතිචාර දක්වන්නේ සති අටක් තරම් කුඩා කාලයේදි.කම්මුලට දැනෙන රෝම ස්පර්ෂයකට දරුවා මුලින්ම ප්‍රතිචාර දක්වන බව හොයා ගෙන තියෙනවා.කලලයට සති දහයක් වන විට ස්පර්ෂශ සංවේදන ඇති වෙනවා.සති 11 වන විට මේ සන්නිවේදන අත්ලට දැනෙනවා.සති 12 වන විට දෙපා වලටත් දැනෙනවා.
කලලයක් සති 17 සම්පූර්ණ වන විට උදරයේ සියලුම ස්ථාන මෙන්ම තට්ටම් යුගලයත් ස්පර්ෂයට සංවේදියි.සෛල විශේෂ සිය ගනනාවකින් සමන්ව්ත සම උෂ්ණයට,සීතලට,පීඩනයට ආදී වශයෙන් කවර බාහිර බල වේගයකට වුවද සංවේදී වෙනවා.
කලල චලන
සංසේචනයෙන් සති 4ක පමණ කාලයේදී ඇති වෙන හද ගැස්ම තමයි කලල රූපයක පළමු චලනය වෙන්නෙ.දරුවා කායික චලන ඇති කරන්නේ සති 6 ත් 10 ත් අතර කාලයේදි.ඔලුව අත පය පමණක් නොවෙයි සිරුරේ භ්‍රමණ පවා මේ කාලයේ ඇති කර ගන්නවා.සති 10ක් යන විට පුංචි මුව ආයාගන්න පියවා ගන්න සමත්.මේවායේ විශේෂත්වය තමයි දරුවාගේ අනු දැනුමකින් තොරව සිදු වීම.දරුවාගේ ශ්වසන හා හනු ක්‍රියා කාරිත්වයද බල ගැන්වෙනවා.දරුවා අත පය ගසා දමනවා.මේ අතර ව්වේක ගැනීමද සිදු වෙනවා.

සැත්කමකට ලක් වු කලලයකින් එළියටආ බිලිදා ගේ අත වෛද්‍ය වරයාගේ ඇගිල්ල අල්ලා ගත් අයුරු.පසුව උපත ලද ඔහු "සැමුවෙල්"
"පුංචි දෙපා"ලෙස ප්‍රසිද්ධියට පත් ගබ්සා කරන ලද කලලයක්

අක්කයි නංගියි.










Monday, April 25, 2011

එළව ගිහින් මෙළොව ආවා

'මම එක පාරටම උඩට පා වෙලා ගියා පහලින් මට පෘථිවි තලය හොඳට පේනවා.මහද්වීප සාගර මහැම දෙයක්ම.නිල් අහස් කුස සිට පහල බලන කොට අපූරුවට පෙනුනා මගේ පාද වලට එක එල්ලේ තිබුන ලංකාව ඊට එහායින් ඉන්දියාව අපූරුවට පෙනුනා.ඒ තරම් පැභැදිලිව පෘථිවියේ අනෙක් කොටස් පෙනුන් නෑ.ඒ හැම දෙයක්ම පෙනෙන්න ගත්තේ දීප්තිමත් නිල් පාටආලෝක ධාරාවක් ඔස්සේ.ඒ එක්කම මට දැනෙන්න ගත්තා මම මේ සමු ගන්න යන්නේ මගේ ජීවිතයෙන් කියලා.'කාලන් යුත් කියන මනෝ විද්‍යාඤයා තම මරනාසන්න අත්දැකීම මේ විදිහට විස්තර කරලා තියෙනවා.මේ විදිහට මරණාසන්න අත්දැකිම් ලබපු 150කගේ අත්දැකීම් ඔස්සේ ලියවුන LIFE AFTER DEATH කියන පොතේ මේ විදිහට අත්දැකීම්  ගැන සඳහන්.

1.අමුතු ශබ්ධ
බසරයක නද දීමක් හෝ එවැනි දිගටම ඇහෙන නාදයක් නොනවත්වා ඇහෙනවා.

2.වේදනා රහිත බව හෝ සාම කාමී හැගීම්
ඇතැම් විට මරනාසන්න බර පතල වේදනාවක් අත් විඳින රෝගි යෙකු වුවද සිත සිරුරෙන් මිදුනු පසු කිසි දෙයක් දැනෙන් නෑ.ඒ වෙනුවට විශාල සාම කාමී බවක් සහ ශාන්තියක් දැනෙනවා.
 
3.සිරුරකින් වියුක්ත වීම
තමන්ගේ සිරුර තමන් අත හැර ඉහල නගිනවා සිරුරට උඩින් පාවෙනවා සහ තමන්ගේ වටේ ප්‍රතිකාර කරන වෛද්‍යවරු හෙදියන් දෙස බලා සිටිනවා.

4.උමං මග අත්දැකීම
ඔහුව උමගකකට ඇද ගන්නවා.අඳුරු උමග ඔස්සේ වේගයෙන් ඇදෙනවා.ගමන අවසානයේ ආලෝකය දකිනවා.
 
5.අහසට නැගීම
සමහරු උමග වෙනුවට යන්නෙ අහසට.මොවුන් එහිදී පෘථිවිය දකින්නේ අභ්‍යවකාශ යානයක් පෘථිවිය දකින විදිහටයි.

6.මැරුණු මිතුරන්හෝ ආලෝකය
උමගකදී නම් එහා කෙලවරේදීඅහසට නැගුනු පසු නම් එහිදි ඔහුට ඉහත මරනයට පත් වු නෑදෑයින් යහලුවන් හමු විය හකියි.විටක මද ආලෝකයක්ද ඔවුන් වටා තිබෙනවා.

7.සුර දූතයන්
සමහරු දෙවි දේවතාවන් සුර දුතයන් හමුවන බව කියනවා
.
8.ජීවිතා ලෝකනය
තම ජීවිත කාලය තුළ කළ කී දෑ සිතුවමක් වන සේ ඔහූ දකිනවා

9.නැවත පැමිණීමට නොකමැත්ත.
මෙලෙස මරණාසන්නයට පැමිණි අයෙක් නැවත ජීවය ලබන්න කැමති නෑ.නමුත් ඥාතීන්ගේ ඉල්ලීම ඉතාමත් ප්‍රභල වු විරල අවස්ථා වලනැවත පැමිණෙන අවස්ථාත් තියෙනවා.

මේක කියවන අපිත් කවදා හරි මේ අත දැකීම් ලබනවාඑදාට අපිටත් මේවා ඇත්තද කියලා දැනගන්න පුලුවන් වෙයි

සත්තුන්ටත් දඩුවම්

වලහෙක් ජමනියේ ගම්මානයක් බිය වැද්දීම.............
මෙහිදී වලහ වෙනුවෙන් පෙනීසිටි නීතීඤයා මෙය වලසුන්ගෙන් සමන් විත ජුරි සභාවක විභාග කල යුතු බවට තර්ක කළාලු.එහෙත් එය ප්‍රායෝගික නොවන නිසා මිනිසුන්ගෙන් සමන්විත ජූරි සභාවකදී මරන දඬුවම නියම කරලා.



ප්‍රංශයේ ඌරන් සහ හරකුන් මිනිසුන්ට හිරිහැර වෙන විදිහට හැසිරුනොත්..........................
ප්‍රසිද්ධ ස්ථානයක කරත්ත රෝදයක බැදලා කස පහර දෙනවලු.කරත්ත රෝදයක බැදීම විශාල අවමානයක්ලූ.




ජමනියේ ගසක සිටි මී මැස්සන් දෂ්ඨ කර අයෙක් මිය යෑම....
අධිකරන නියෝගය අනුව දුම් ගසා මරණයට පත් කරාලු.





ස්විට්සර්ලන්තයේ කිකිළියක් අමුතු පැහැති බිත්තරයක් දැමීම.....
එය යක්ෂ දෝශ ගෙන එන්නක් යැයි චෝදනාව මත කිකිළිය පුලුස්සා මැරීමට නියම විය.


ජ'මන් වැසියෙකුගේ බල්ලෙක් මිනිසෙකු සපා කෑම..........
මාස දෙකක සිර දඩුවම් නියම කරලා.



දරුවෙකු පාගා මරා දැමූ ඩොලී නම් ඇතින්න...........
සරකස් කන්ඩායමක සිටි මෙම ඇතින්න දින තුනක් ඇතුලත මරණයට නියම විය.


කාන්තාවක් මැරීමට තැත් කල කිම්බුස් නම් සුනකයා........
විස එන්නතක් ශරීර ගත කර මරා දැමිම.දින පහක් නඩුව විභාග කර මෙම තීන්දුව දීලා තියෙන්නෙ.මෙම සුනඛකයා පදර්ශන වලට ඉදිරිපත් වෙන ප්‍රසිද්ධ සතෙක්ලු.මේ දඩුවම ලිහිල් කරන ලෙස ඉල්ලා ලිවුම් ආවද වැඩක් වී නෑ.



ප්‍රංශයේ මගීන් කිහිප දෙනෙකු මරා දැමූ එළදෙන..........
උල් ලීයක ගසා මරා දැමීම.



අතීත ලෝකයේ වැරදි කරපු සතුන්ටත් දඩුවම් කරලා.පුදුමයි නේද මේ තියෙන්නේ ඒ විදිහට දඩුවම් ලබපුසතුන් කිහිප දෙනෙක් ගැන විස්තර.

අසම සම "ලේ"

මෙතෙක් ලේ සඳහා ආදේශකයක් සොයා ගෙන නැහැ.


වැඩිහිටියෙකුගේ සිරුර තුළ ලේ පය්න්ට් 14-18ක් තියෙනවා.


සිරුරේ සියලුම පටක වලට අම්ලකර වායු සහ පෝෂක කොටස් රැගෙන යන වාහනය රුධිරයි.

රුධිරය ආසාදන වලට එරෙහිව සටන් කරයි.තුවාල සුව කිරීමට උදවු වෙනවා.

ඔබ පරිත්‍යාග කරන ලේ ප්‍රයෝජනයට ගන්නේ සංගටක බවට විභේදනය කිරීමෙන් පසුවයි.

රුධිරය A,B,AB,O ලෙස ඛාණ්ඩ හතරකි.

මේ ඛාණ්ඩ නැවත Rh+ සහ Rh- ලෙස වර්ග කරයි.
සිරුරේ බරින් 7%ක්ම තියෙන්නේ ලේ.

Saturday, April 23, 2011

දැන ගැනීමට

  • චිම්පන්සි වානරයින්ට තමන්ගේ ප්‍රතිබිම්භය හදුනාගත හැකිය.




  • ආමඩිල්ලා යන සතුන් වරකට බිහිකරන්නේ එකම ලිංගයකට අයත් සතුන් පමණි.


  • සීබ්‍රා ගේ ඇත්තේ සුදු පසුබිමක කලු ඉරිය.


  • හිස කඳින් වෙන් වු කැරපොත්තෙක් සති කිහිපයක් ජීවත් වේ.එවැනි කැරපොත්තෙක් මිය යන්නේ ආහාර නොමැති කමිණි.


  • ඉත්තෑවෙකුගේ හදවත විනාඩියට 300වරක් ස්පන්දනය වේ.


  • පැස්බරාගේ මොළය උගේ ඇහැට වඩා කුඩාය.


  • ගෙමැස්සෙකු ගිල දමන ආහාර කිහිප වරක් වමාරා යලි ආහාරයට ගනී.


  • ගෝල්ඩ් ෆිෂ්ට යමක් තත්පර 3 ක් පමණක් මතක හිටී.

Friday, April 22, 2011

අරුම පුදුම දින

  • ඉදිකටු දිනය.පෙබරවාරි අට,ජපානය.

මෙදින ගත වු වසර තුල නිවසේ කැඩුනු ඉදිකටු සියල්ල පුජනීය ස්ථානයක තැන්පත් කරයි.


  • යකාට ගිණි තබන දිනය.දෙසැම්බර් හත,ගෝතමාලාව.
වැඩිහිටි පිරිමින් යක් මුහුනු පැලද ළමයින් පසු පස එලවීම සහ එදින රාත්‍රියේ තම නිවස ඉදිරි පස ගිණිමැල අවුලුවා මෙම දිනය සමරයි.එයින් යකුන් පිලිස්සී යන බව විශ්වාස කරයි.


  • සොහොන් අතුගාන දිනය, අප්‍රේල් පහ,තායිවානය.
කෑම බීමරැගෙන සොහොනට ගොස් සොහොන අතුගා ආහාර ගනිමින් මෙම දිනය සමරයි.

  • ශාන්ත කොන්ස්ටන් දිනය, අප්‍රේල් විසිඑක,ග්‍රීසිය.
සියලු වැසියන් ගිණි පාගා සමරයි.

  • බෝනික්කන්ගේ දිනය,සැප්තැම්බර් විසිපහ,ජපානය.
දරු ඵල නැති අඹු සැමියන් මෙදින බෝනික්කන් දෙවියන්ට පුජා කරයි.මෙයින් දරු ඵල ලැබෙන බව විශ්වාස කරයි.