Tuesday, May 3, 2011

බුදු හාමුදුරුවන්ට අකුසල් විපාක දුන් හැටි

බුදු රජානන් වහන්සේ පෙර භවයන් වල කරන ලද අකුසල් සහ පසුව ඒම අකුසල් විපාක දුන් අයුරු උන්වහන්සේ විසින්ම මෙසේ දේශනා කරන ලදී.
මනාලී නම් දූතයාව ඉපිද සරභූ යන පසේ බුදුවරයාට අසත්‍යයෙන් චෝදනා කිරීම නිසා............
අපායේ දුක් විදීම සහ සුන්දරී පරිබ්‍රාජිකාව මරා ජේතවනාරාමයේ සැගවු බවට අසත්‍ය චෝදනා ලැබීම.


සබ්භාබ් භූ නම් බුදුරජානන්වහන්සේගේ ශාසනයේ සිටි නන්ද නම් ශ්‍රාවකයාට අසත්‍යයෙන් චෝදනා කිරීම නිසා............
චිංචිමානවිකාවගේ දෝශාරෝපනයට ලක් වීම.

ධනයට ඇති ආශාව නිසා මාගේ පියාගේ අන්‍ය භාර්යාවගේ පුත්‍රයා පර්වත දුර්ගයක දමා ගලකින් පොඩි කිරීම...............
දේවදත්ත විසින් පෙරලන ලද ගලේ පතුරක් පාදයේ වැදී වේදනා විඳීම.


ළමයෙකුව ඉපිද සෙල්ලම් කරමින් සිටින විට පසේබුදුවරයෙකුටගල් පතුරකින් ගැසීම.......................
දේවදත්ත විසින් දුනුවායින් යොදා මා විනාශ කිරීමට තැත් කිරීම.


පිඩුසිගා වඩින පසේබුදුවරයෙකුට ඇත් ගොවු වෙකු මාර්ගයෙන් ඇතෙකු ලවා පීඩා කිරීම........................
දෙව්දත් තෙර විසින් නාලාගිරි ඇතා ලවා කල හිංසා විදීමට සිදු වීම.


රජ කෙනෙකු වී ඉපිද කඩුවකින් ඇන මිනිසෙකු මැරීම........
ගල් පතුරක් වැදී තුවාල සිදු වීම.


පෙර භවයකදී මිනිසුන් මාලු මරන දෙස බලා සතුටු වීම.......
සුව නොවෙන හිස අමාරුවකින් පීඩා විඳීම.

ථුස්ස බුදුරජානන්වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකයෙකුට යව සහල් අනුභව කරන ලෙසත් හොඳ ආහාර නොගන්නා ලෙසත් ප්‍රකාශ කිරීම.................
වේරංජනා නුවර තුන් මසක් යව සහල් අනුභව කිරීමට සිදු වීම.




මල්ලව පොර ශූරයෙකුව සිටියදී ප්‍රතිවාදියාට හිංසා කිරීම නිසා...
පිට රුදාවකින් පීඩා විඳීම.


වෙලෙන්දෙකුව වී සිටු පුත්‍රයෙකුට වැරදි විරේකයක් දීම.........
ලෝහිත පක්ඛන්දිකා යන අතීසාර රෝගය වැලදීම.




පැයක් ඇතුලත.......................

  • ඔබ වචන 2500ක් කථා කරයි.


  • පෘථිවිය තම කක්ෂය වටා සැතපුම් 66000ක් ගමන් කරයි.


  • ලොව කොහාට හෝ අකුණු සැරක් වදී.


  • ගොලු බෙල්ලෙකු අඩි 90ක් දුර ගමන් කරයි.


  • ඔබගේ නියපොතු අගලකින් 327 පංගුවක් වැඩේ.


  • ඔබගේ ඇසිපිය 500 වාරයක් සැලේ.


  • අභව්‍යකාශයෙන් දූවිලි ටොන් 83ක් පෘථිවියට ඇද හැලේ.


  • පෘථිවිය තුල භූමි කම්පා 3ක් ඇති වේ.

Sunday, May 1, 2011

අපූරු හොල්මන්

එංගලන්තයේ මුහුදු බඩ ප්‍රදේශ වල වැසියන් ගොබෙල්ලන් ගෑන අපූරු කථා පවසයි.මෙම ගොබෙල්ලන් සියසින් දැකපු අය කියන්නේ ඔවුන් අඩි අටක් පමණ උස දැවැන්ත ශරීරයක් ඇති ශරීරය පුරාම රත් පැහැති ලොම් වලින් වැසී ඇති එලු,බැටලු,අශ්ව මුහුනක් ඇති අය බවයි.


සමහර මධ්‍යම රාත්‍රී වල මෙම වෙරළ සිසාරා වේගවත් 'හූ' හඩ පැතිරෙනවලු.ඒ මගින් ගොබෙල්ලන් පවසන්නේ කුනාටුවක පෙර නිමිති බව ඒ ආශ්‍රිත වැසියන්ගේ අදහසයි.එදිනට ඔවුන් මුහුදු යාමෙන් වැලකුනු අතර විශ්වාස කල පරිදි කුණාටු ඇති වේ.මේ අනුව ගොබෙල්ලන් තම ජීවිතය ආරක්ෂා කරන දේවතාවන් ලෙසදේවත්වයෙන් එහි වැසියන් සලකයි.


ගොබෙල්ලන් නිතර ගල් පර වලට වී මුහුද දෙස බලා සිටින බව බොහෝ දෙනෙක් දැකලා තියනවා.එසේ සෑම විටම ගොබෙල්ලන් මුහුද පිළිබඳ විමසිල්ලෙන්ලු ඉන්නෙ.


අතීතයේ මෙය මුහුදු කොල්ලකරුවන්ගේ නිජබිමක්ලු.ඔවුන් එහි වැසියන් මරාදමා ඔන්ගේ වෙළඳ බඩූ කොල්ල කාලා.ඒ කොල්ල කරුවන් මිය ගියාට පස්සෙ කරපු පව් වලට වන්දියක් විදිහට ගොබෙල්ලන් වී තමන් ආරක්ෂා කරන බව එහි වැසියන් විශ්වාස කරනවා.