Tuesday, May 3, 2011

බුදු හාමුදුරුවන්ට අකුසල් විපාක දුන් හැටි

බුදු රජානන් වහන්සේ පෙර භවයන් වල කරන ලද අකුසල් සහ පසුව ඒම අකුසල් විපාක දුන් අයුරු උන්වහන්සේ විසින්ම මෙසේ දේශනා කරන ලදී.
මනාලී නම් දූතයාව ඉපිද සරභූ යන පසේ බුදුවරයාට අසත්‍යයෙන් චෝදනා කිරීම නිසා............
අපායේ දුක් විදීම සහ සුන්දරී පරිබ්‍රාජිකාව මරා ජේතවනාරාමයේ සැගවු බවට අසත්‍ය චෝදනා ලැබීම.


සබ්භාබ් භූ නම් බුදුරජානන්වහන්සේගේ ශාසනයේ සිටි නන්ද නම් ශ්‍රාවකයාට අසත්‍යයෙන් චෝදනා කිරීම නිසා............
චිංචිමානවිකාවගේ දෝශාරෝපනයට ලක් වීම.

ධනයට ඇති ආශාව නිසා මාගේ පියාගේ අන්‍ය භාර්යාවගේ පුත්‍රයා පර්වත දුර්ගයක දමා ගලකින් පොඩි කිරීම...............
දේවදත්ත විසින් පෙරලන ලද ගලේ පතුරක් පාදයේ වැදී වේදනා විඳීම.


ළමයෙකුව ඉපිද සෙල්ලම් කරමින් සිටින විට පසේබුදුවරයෙකුටගල් පතුරකින් ගැසීම.......................
දේවදත්ත විසින් දුනුවායින් යොදා මා විනාශ කිරීමට තැත් කිරීම.


පිඩුසිගා වඩින පසේබුදුවරයෙකුට ඇත් ගොවු වෙකු මාර්ගයෙන් ඇතෙකු ලවා පීඩා කිරීම........................
දෙව්දත් තෙර විසින් නාලාගිරි ඇතා ලවා කල හිංසා විදීමට සිදු වීම.


රජ කෙනෙකු වී ඉපිද කඩුවකින් ඇන මිනිසෙකු මැරීම........
ගල් පතුරක් වැදී තුවාල සිදු වීම.


පෙර භවයකදී මිනිසුන් මාලු මරන දෙස බලා සතුටු වීම.......
සුව නොවෙන හිස අමාරුවකින් පීඩා විඳීම.

ථුස්ස බුදුරජානන්වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකයෙකුට යව සහල් අනුභව කරන ලෙසත් හොඳ ආහාර නොගන්නා ලෙසත් ප්‍රකාශ කිරීම.................
වේරංජනා නුවර තුන් මසක් යව සහල් අනුභව කිරීමට සිදු වීම.




මල්ලව පොර ශූරයෙකුව සිටියදී ප්‍රතිවාදියාට හිංසා කිරීම නිසා...
පිට රුදාවකින් පීඩා විඳීම.


වෙලෙන්දෙකුව වී සිටු පුත්‍රයෙකුට වැරදි විරේකයක් දීම.........
ලෝහිත පක්ඛන්දිකා යන අතීසාර රෝගය වැලදීම.




1 comment:

  1. මේ කරුණු උපුටාගැනීමට අදාල ත්‍රිපිඨක මූලාශ්‍ර දක්වන්න පුලුවන්ද?

    ReplyDelete