Sunday, May 1, 2011

අපූරු හොල්මන්

එංගලන්තයේ මුහුදු බඩ ප්‍රදේශ වල වැසියන් ගොබෙල්ලන් ගෑන අපූරු කථා පවසයි.මෙම ගොබෙල්ලන් සියසින් දැකපු අය කියන්නේ ඔවුන් අඩි අටක් පමණ උස දැවැන්ත ශරීරයක් ඇති ශරීරය පුරාම රත් පැහැති ලොම් වලින් වැසී ඇති එලු,බැටලු,අශ්ව මුහුනක් ඇති අය බවයි.


සමහර මධ්‍යම රාත්‍රී වල මෙම වෙරළ සිසාරා වේගවත් 'හූ' හඩ පැතිරෙනවලු.ඒ මගින් ගොබෙල්ලන් පවසන්නේ කුනාටුවක පෙර නිමිති බව ඒ ආශ්‍රිත වැසියන්ගේ අදහසයි.එදිනට ඔවුන් මුහුදු යාමෙන් වැලකුනු අතර විශ්වාස කල පරිදි කුණාටු ඇති වේ.මේ අනුව ගොබෙල්ලන් තම ජීවිතය ආරක්ෂා කරන දේවතාවන් ලෙසදේවත්වයෙන් එහි වැසියන් සලකයි.


ගොබෙල්ලන් නිතර ගල් පර වලට වී මුහුද දෙස බලා සිටින බව බොහෝ දෙනෙක් දැකලා තියනවා.එසේ සෑම විටම ගොබෙල්ලන් මුහුද පිළිබඳ විමසිල්ලෙන්ලු ඉන්නෙ.


අතීතයේ මෙය මුහුදු කොල්ලකරුවන්ගේ නිජබිමක්ලු.ඔවුන් එහි වැසියන් මරාදමා ඔන්ගේ වෙළඳ බඩූ කොල්ල කාලා.ඒ කොල්ල කරුවන් මිය ගියාට පස්සෙ කරපු පව් වලට වන්දියක් විදිහට ගොබෙල්ලන් වී තමන් ආරක්ෂා කරන බව එහි වැසියන් විශ්වාස කරනවා.

No comments:

Post a Comment