Tuesday, May 3, 2011

බුදු හාමුදුරුවන්ට අකුසල් විපාක දුන් හැටි

බුදු රජානන් වහන්සේ පෙර භවයන් වල කරන ලද අකුසල් සහ පසුව ඒම අකුසල් විපාක දුන් අයුරු උන්වහන්සේ විසින්ම මෙසේ දේශනා කරන ලදී.
මනාලී නම් දූතයාව ඉපිද සරභූ යන පසේ බුදුවරයාට අසත්‍යයෙන් චෝදනා කිරීම නිසා............
අපායේ දුක් විදීම සහ සුන්දරී පරිබ්‍රාජිකාව මරා ජේතවනාරාමයේ සැගවු බවට අසත්‍ය චෝදනා ලැබීම.


සබ්භාබ් භූ නම් බුදුරජානන්වහන්සේගේ ශාසනයේ සිටි නන්ද නම් ශ්‍රාවකයාට අසත්‍යයෙන් චෝදනා කිරීම නිසා............
චිංචිමානවිකාවගේ දෝශාරෝපනයට ලක් වීම.

ධනයට ඇති ආශාව නිසා මාගේ පියාගේ අන්‍ය භාර්යාවගේ පුත්‍රයා පර්වත දුර්ගයක දමා ගලකින් පොඩි කිරීම...............
දේවදත්ත විසින් පෙරලන ලද ගලේ පතුරක් පාදයේ වැදී වේදනා විඳීම.


ළමයෙකුව ඉපිද සෙල්ලම් කරමින් සිටින විට පසේබුදුවරයෙකුටගල් පතුරකින් ගැසීම.......................
දේවදත්ත විසින් දුනුවායින් යොදා මා විනාශ කිරීමට තැත් කිරීම.


පිඩුසිගා වඩින පසේබුදුවරයෙකුට ඇත් ගොවු වෙකු මාර්ගයෙන් ඇතෙකු ලවා පීඩා කිරීම........................
දෙව්දත් තෙර විසින් නාලාගිරි ඇතා ලවා කල හිංසා විදීමට සිදු වීම.


රජ කෙනෙකු වී ඉපිද කඩුවකින් ඇන මිනිසෙකු මැරීම........
ගල් පතුරක් වැදී තුවාල සිදු වීම.


පෙර භවයකදී මිනිසුන් මාලු මරන දෙස බලා සතුටු වීම.......
සුව නොවෙන හිස අමාරුවකින් පීඩා විඳීම.

ථුස්ස බුදුරජානන්වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකයෙකුට යව සහල් අනුභව කරන ලෙසත් හොඳ ආහාර නොගන්නා ලෙසත් ප්‍රකාශ කිරීම.................
වේරංජනා නුවර තුන් මසක් යව සහල් අනුභව කිරීමට සිදු වීම.




මල්ලව පොර ශූරයෙකුව සිටියදී ප්‍රතිවාදියාට හිංසා කිරීම නිසා...
පිට රුදාවකින් පීඩා විඳීම.


වෙලෙන්දෙකුව වී සිටු පුත්‍රයෙකුට වැරදි විරේකයක් දීම.........
ලෝහිත පක්ඛන්දිකා යන අතීසාර රෝගය වැලදීම.




පැයක් ඇතුලත.......................

  • ඔබ වචන 2500ක් කථා කරයි.


  • පෘථිවිය තම කක්ෂය වටා සැතපුම් 66000ක් ගමන් කරයි.


  • ලොව කොහාට හෝ අකුණු සැරක් වදී.


  • ගොලු බෙල්ලෙකු අඩි 90ක් දුර ගමන් කරයි.


  • ඔබගේ නියපොතු අගලකින් 327 පංගුවක් වැඩේ.


  • ඔබගේ ඇසිපිය 500 වාරයක් සැලේ.


  • අභව්‍යකාශයෙන් දූවිලි ටොන් 83ක් පෘථිවියට ඇද හැලේ.


  • පෘථිවිය තුල භූමි කම්පා 3ක් ඇති වේ.

Sunday, May 1, 2011

අපූරු හොල්මන්

එංගලන්තයේ මුහුදු බඩ ප්‍රදේශ වල වැසියන් ගොබෙල්ලන් ගෑන අපූරු කථා පවසයි.මෙම ගොබෙල්ලන් සියසින් දැකපු අය කියන්නේ ඔවුන් අඩි අටක් පමණ උස දැවැන්ත ශරීරයක් ඇති ශරීරය පුරාම රත් පැහැති ලොම් වලින් වැසී ඇති එලු,බැටලු,අශ්ව මුහුනක් ඇති අය බවයි.


සමහර මධ්‍යම රාත්‍රී වල මෙම වෙරළ සිසාරා වේගවත් 'හූ' හඩ පැතිරෙනවලු.ඒ මගින් ගොබෙල්ලන් පවසන්නේ කුනාටුවක පෙර නිමිති බව ඒ ආශ්‍රිත වැසියන්ගේ අදහසයි.එදිනට ඔවුන් මුහුදු යාමෙන් වැලකුනු අතර විශ්වාස කල පරිදි කුණාටු ඇති වේ.මේ අනුව ගොබෙල්ලන් තම ජීවිතය ආරක්ෂා කරන දේවතාවන් ලෙසදේවත්වයෙන් එහි වැසියන් සලකයි.


ගොබෙල්ලන් නිතර ගල් පර වලට වී මුහුද දෙස බලා සිටින බව බොහෝ දෙනෙක් දැකලා තියනවා.එසේ සෑම විටම ගොබෙල්ලන් මුහුද පිළිබඳ විමසිල්ලෙන්ලු ඉන්නෙ.


අතීතයේ මෙය මුහුදු කොල්ලකරුවන්ගේ නිජබිමක්ලු.ඔවුන් එහි වැසියන් මරාදමා ඔන්ගේ වෙළඳ බඩූ කොල්ල කාලා.ඒ කොල්ල කරුවන් මිය ගියාට පස්සෙ කරපු පව් වලට වන්දියක් විදිහට ගොබෙල්ලන් වී තමන් ආරක්ෂා කරන බව එහි වැසියන් විශ්වාස කරනවා.

Saturday, April 30, 2011

දන්නවද බලන්න

මදුරුවාට දත් 47ක් තිබේ.



කුහුබු රැජීන වසර 15ක් ජීවත් වේ.


සහරා කාන්තාරයට වැසි ලැබෙන්නේ වසරකට දින 7කි.


මිනිස් අතක අස්ථි 27ක් තිබේ.


ඉබ්බෙකුට සැතපුමක් ඇවිදීමට පැය 4ක් ගත වේ.


ලොව සාගර වල සාමාන්‍ය ගැඹුර සැතපුම් 2කි.


තටු වල නිය සහිත පක්ෂි වර්ගය හොට්සන්ය.


තම කූඩුව සෑදීමට කොළ රොඩු ආදිය මිටියක් ලෙස තම වලිගයෙන් ඔතාගෙන යන සත්වයා ස්ක්විකර්ය.


ලොව කුඩාම බිත්තරය දමන්නේ ලියෝන් ස්පින්ස්ය.


ලොව විශාලම බිත්තරය දමන්නේ මෝර තල් මසාය.


වැඩුනු තල්මසෙකුගේ හෘද්යේ බර ටොන් බාගයකට ආසන්නය.

Friday, April 29, 2011

වයසට යන චුටි බබා

අම්මා කෙනෙක් නිරෝගි දරු උපතක් නතරම ප්‍රාර්ථනා කරනවා.ඒත් ඒ ප්‍රාර්ථනාව ඉටු නොවෙන අවාසනාවන්ත අම්මලත් අපි අතර ඉන්නවා.තමන්ගෙ දරුවා තමන්ටත් කලින් වයසට යනව බලාගෙන ජීවත් වෙන අම්මලත් අපි අතර ඉන්නවා.ඒ තමයි අම්මලාගෙ ශක්තිය.



අලුත උපන් දරුවන්ගෙන් මිලියන අටෙන් එකක් ඉක්මනට වයසට යන මේ අවාසනාවන්ත තත්වයට ගොදුරු වෙනවා.ඩිම්භයක් සහ ශුක්ක්‍රානුවක් එක්වී හදන යුක්තානුවේ අන්තර්ගත වර්ණදේහ 46න් එකකඇති ජානයක සිදු වෙන මෙම විකෘතිය යුක්තානුව සිය දහස් වාරයක් අනුව බෙදෙමින් කලලය සෑදීමේදී කලලයේ සෑම සෛලයකටමත් පසුව උපදින දරුවාටත් සමාකාරව උරුම වෙනවා.

මෙහි ප්‍රධාන ලක්ෂණය වනනේ ඉක්මනින් වයසට යාම සහ ආයු කාලය ඉතාම කෙටි වීමය් මෙම තත්වය ' හඩ්සන් ගිල්ෆර්ඩ් ප්‍රවේනික සින්ඩ්‍රෝමය' ලෙස හඳුන්වනවා.

මෙම රෝගීන්ට වසර දෙකක් විතර වෙන කොට රෝග ලක්ෂණ මතු වෙනවා.සම තුනි වී මහල්ලන්ගේ මෙන් රැළි වෑටෙනවා.ශක්තිමත්ව වැඩෙන්න පටන් ගත් අස්ථි දුර්වල වෙනවා.ක්‍රමයෙන් හිස කෙස් වෑටී තට්ට හිසක් උරුම වෙනවා.අවුරුදු 15ක්17ක් විතර වෙනකොට මෙම දරුවන්ගේ ජීව කාලය අවසන් වෙනවා.

ඉතිහාසය දෙස බලන කොට පරම්පරා කිහිපයකට ඇති වූ බවට වාර්ථා නෑ.මේ අනුව ජාන වල සිදු වන විකෘතිය අහබු ලෙස බලපෑමෙන් මෙම අවාසනාවන්ත තත්වය ඇති වෙන බව වෛද්‍යවරුන්ගේ අදහසය්.

කාලා බලමුද

ලෝකෙ තියෙන අරුම පුදුම කෑම දහය තමයි මේ.ඒත් මේවා කන්නන පූලුවන්ද කියන එක නම් ලොකු ප්‍රශ්නයක්.

මේ අරුම පුදුම කෑම වලින පලෙවෙනි තැන ලැබිලා තීයෙන්නෙ චිනෙ "සුප්"එකකට.මේ සුප් එක හදන්නෙ කුරුලු විශේෂයක් හදන කූඩූ තම්බන වතුර යොදා ගෙනලු.ඒ කූඩු හදන්න ගන්න ද්‍රව්‍ය සහ ඒවා අලවන්ගන්න මැලියම් වර්ගයක් හින්දලු මේ සුප් ගොඩක් රස වෙලා තියෙන්නෙ.                                   

 මේ කෑම වල දෙවෙනි තැන ලැබිලා තියෙන්නෙ කාම්බෝජයේ හදන බැදපු දිවි මකුලුවන්ට.මේ දිවි මකුලුවන් කිසිදු කොටසක් ඉවත් නොකර සම්පූර්න තෙලේ බැදලලු කන්න ගන්නෙ.මේ ආහාරය මුල් වතාවට හොයා ගෙන තියෙන්නේ කෙමර්රූජ් පාලන කාලේ කුස ගින්නෙ හිටපු කාම්බෝජ ජනතාවලු.

.ජපානෙ හදන මාලු ව්‍යන්ජනයක් තමයි මේ තරගෙ තුන් වෙනි තැන ලැබිලා තියෙන්නෙ.මේක හදන්නේ "පෆර්"කියන උග්‍ර විස සහිත මාලු විශේෂයක් යොදා ගෙනලු.දැනට මේ මාලු කාලා පහලොස් දෙනෙක් මැරිලා.එ හින්දම මේවා හදන්න අවසර දෙන්නෙ විශේෂ බල පත්‍රයක් සහිත සුප වේදීන්ට විතරලු.

පිලිපීනයේ හදන "බලුට්"තමයි මේ තරගෙ හතර වෙනි තැන ලබාගෙන තියෙන්නෙ.බලුට් හදන්නේ සංශ්ලේෂණය නොවූ කුකුලු හෝ තාරා බිත්තර මගින්.එත කොට බිත්තර සුදුමදයත් එක්ක කුකුලු හෝ තාරා පැටියෙකුත් කන්න පුලුවන්.

ඉතාලියේ හදන " කාසු මාසු"කියන චීස් එකකට පස් වෙනි තැන ලැබිලා.මේ චීස් හදන්නේ බැටලු කිරි වලින්.
බැටලු කිරි හොඳින් මුදවා පැසී ගෙන එන කොට මැස්සො ඉන්න තැනක මැස්සො බිත්තර දාන කල් තියලා ඒ බිත්තර පිළවුන් වූනාට පස්සෙලු කන්න ගන්නෙ.

මේ තරගෙ හය වෙනි තැන ලැබිලා තියෙන්නෙ ටින් කරපු "සර්ස්ට්‍රෝමිං"වලට.බිත්තර දාන්න ලග හෙරින් මසුන් මාස දෙකක් විතර කුණු වුනාට පස්සෙතමයි ටින් වලට දාල විකුනන්නෙ.තම්බපු අලයි කර කරපු පානුයි එක්ක මේ කුණු මාලු හරිම රසයිලු.

මේ තරගෙ හත් වෙනි තැන ලැබිලා තියෙන්නෙපණ තියන බුවල්ලන්ට. අල්ලපු බුවල්ලන් පිරිසිදු කර අඩු කපලා අරන් ඒවායේ සෙසම් තෙල් තවරලා තමයි කන්න ගන්නෙ.මේසෙට අරිද්දි ඒවාට පණ තියනවනම් ඒකෙන් කියන්නෙ කෝකියාගෙ දක්ෂ කමලු.

ඉන්දුනීසියාවේ හදන කෝපි ලුවාක් තමයි මේ තරගෙ අට වෙනි තැන ලැබිල තියෙන්නෙ.ලුවාක් කියන්නේ බලලෙක් වගේ සතෙක්.ඔවුන් ආහාරයට ගන්නේ හොඳින් පැසුනු කෝපි ඇට.ඒත් ඒවා දිරවන්නේ නැහැ.මළ සමග පිට වෙන මේ කෝපි ඇට වලින් තමය් මේ ආහාරය සකස් කරන්නේ.

අයිස්ලන්තයේ මුහුදු වෙරළ ආශ්‍රිත ඉන්න පෆින් කියන කුරුල්ලගෙ හදවත කිසිදු පිසීමක් නොකර සකස් කරන ආහාරය මෙහි නම වන තැන ලැබිලා තිබුනා.

වියට්නාමයේ නයි වයින් සඳහා මෙහි දහ වෙනි තැන ලැබිලා.සහල් වලින් හදන මෙම වයින් බෝතලයට විෂ ගෝර නාගයෙකු ඇතුල් කරයි.නාගයාගේ විෂ වය්න් වලට ඇද ගනී.වයින් වල ඇතිඅතනෝල් විෂ අක්‍රීය කරයි.

ගෝත්‍රික මළ ගෙයක්.

ගෝත්‍රික මළ ගෙයක් ශිෂ්ඨ සමාජයට වඩා බෙහෙවින්ම වෙනස්.මේ තියෙන්නෙ ඒ ගැන විස්තර.


1.පීජී දූපත්
මෘත දේහය ගෙය්න් පිටතට ගැනීමේදී බිත්තියෙන් කොටසක් කඩා දමයි.

2.ලිංඩ් ගංගා නිම්නය.
මෘත දේහ යේ හිස කපා පුලුස්සයි.


3.අප්‍රිකාවේ ගෝත්‍ර වැසියන්.
මළ මිනිසාගේ මස් ආහාරයට ගනී.

4.හර්බට් ගංගා නිම්නයේ ගෝත්‍ර වැසියන්.
පොල්ලක් ගෙන නොනවත්වා මළ සිරුට පහර දීම.


ශෝක වෙන හැටි


1.පීජී දූපත්
මාස 4ක් රසවත් ආහාර වලින් වැලකෙයි.

2.දකුනු වැලසේනියාව.
කන් පෙති ඉරා ගනී.සිරුරේ යම් යම් තැන් පුලුස්සා ගනී.


3.පීජී හා මෂූලූ දූපත්
දෑතේ ඇඟිලි පුරුක් කපා ගනී.


4.දකුණු ඕස්ට්‍රියාව.
පිරිමි හිස මුඩු කර ගනී.කාන්තාවන් ගිනි පෙලෙල්ලකින් හිස කෙස් පුලුස්සා ගනී.


5.මැලනීසියාව
කාන්තාවන් මරලතෝනි දෙමින් කෑ ගැසීම.පිරිමින් කිවසීම.


ස්පර්ෂයෙන් අපිරිසිදු වූ විට.


1.ඔස්ට්‍රියාව
ගිනි පෙලෙල්ලක් සිරුරේ අතුල්ලා ගනී.

2.සය්බීරියානුවෝ
ගිණි මත ඇවදී.