Tuesday, April 26, 2011

මතකද බලන්න

අම්මා කෙනෙක්ගේ කුස තුල වැතිර හෙමින් හෙමින් මෝදු වන කලල රූපයකට මෙන තරම් දේවල් දැනෙනවද මෙන තරම් අත්දැකීම්විදිනවද කියලා දන්නව නම් පුදුම හිතෙයි.
ස්පරෂය
එය තමයි නූපන් කිරි සප්පයාට බාහිරින් දැනෙන මුල්ම සන්නිවේදනය නැතහොත් හැගීම.මුලින්ම නුපන් දරුවෙක් ස්පර්ෂයට ප්‍රතිචාර දක්වන්නේ සති අටක් තරම් කුඩා කාලයේදි.කම්මුලට දැනෙන රෝම ස්පර්ෂයකට දරුවා මුලින්ම ප්‍රතිචාර දක්වන බව හොයා ගෙන තියෙනවා.කලලයට සති දහයක් වන විට ස්පර්ෂශ සංවේදන ඇති වෙනවා.සති 11 වන විට මේ සන්නිවේදන අත්ලට දැනෙනවා.සති 12 වන විට දෙපා වලටත් දැනෙනවා.
කලලයක් සති 17 සම්පූර්ණ වන විට උදරයේ සියලුම ස්ථාන මෙන්ම තට්ටම් යුගලයත් ස්පර්ෂයට සංවේදියි.සෛල විශේෂ සිය ගනනාවකින් සමන්ව්ත සම උෂ්ණයට,සීතලට,පීඩනයට ආදී වශයෙන් කවර බාහිර බල වේගයකට වුවද සංවේදී වෙනවා.
කලල චලන
සංසේචනයෙන් සති 4ක පමණ කාලයේදී ඇති වෙන හද ගැස්ම තමයි කලල රූපයක පළමු චලනය වෙන්නෙ.දරුවා කායික චලන ඇති කරන්නේ සති 6 ත් 10 ත් අතර කාලයේදි.ඔලුව අත පය පමණක් නොවෙයි සිරුරේ භ්‍රමණ පවා මේ කාලයේ ඇති කර ගන්නවා.සති 10ක් යන විට පුංචි මුව ආයාගන්න පියවා ගන්න සමත්.මේවායේ විශේෂත්වය තමයි දරුවාගේ අනු දැනුමකින් තොරව සිදු වීම.දරුවාගේ ශ්වසන හා හනු ක්‍රියා කාරිත්වයද බල ගැන්වෙනවා.දරුවා අත පය ගසා දමනවා.මේ අතර ව්වේක ගැනීමද සිදු වෙනවා.

සැත්කමකට ලක් වු කලලයකින් එළියටආ බිලිදා ගේ අත වෛද්‍ය වරයාගේ ඇගිල්ල අල්ලා ගත් අයුරු.පසුව උපත ලද ඔහු "සැමුවෙල්"
"පුංචි දෙපා"ලෙස ප්‍රසිද්ධියට පත් ගබ්සා කරන ලද කලලයක්

No comments:

Post a Comment